චලන චිත්‍රයේ ඉතිහාසය - 1

Thursday, June 16, 2011

    චලන චිත්‍රයේ ඉතිහාසය ගැන කතා කිරීමට අපට අවුරුදු 32,000 ක් තරම් ඈත අතීතයට යන්නට සිදුවෙනවා. එනම් එහි පටන්ගැන්මට. චලන චිත්‍රය පිලිබඳ පිලිබඳ පැරණිම සාක්ශිය වන්නේ අවුරුදු 32,000 කට පමණ පෙර අදිනු ඇතැයි සැලකෙන ලෙන් සිතුවම් ය. අල්තමිරා හා ලැස්කො යන ප්‍රසිද්ධ ලෙන් සිතුවම් මගින් සතුන්ගේ විවිද චලනීය අවස්ථාවන් එකල මානවයින් විසින් සිතුවමට නඟා තිබෙනවා. ඇතැම් සිතුවම් හි සිටින සතුන්ගේ පාද 6ක් සිතුවම් කර තිබෙනු දැක ගත හැක. ගව රැලකට හෙල්ලයෙන් දමා ගසන අවස්තාවක ගවයින් දිවයන අයුරු දැක ගත හැක. එය චලනය නිරූපිත අවස්තාවකි. එයින් වැටහෙන්නේ
අල්තමිරා සිතුවමක්
 චලනය පිලිබඳව එකල සිටි මිනිසාගේ උනන්දුවයි. ඇතැමුන් ගේ මතය වන්නේ ඔවුන් මිත්‍යා විස්වාසයක් නිසා එසේ කල බවයි. එනම් සිතුවම් කල දෙයක් වෙතොත් එය සැබෑ වීම (Mimetic magic) විස්වාස කල බැවින් දඩයම් යුගයේ මානවයින් සතුන් දඩයම් කිරීම චිත්‍රයට නැගීමෙන් එලෙස සතුන් හිඟ නොමැතිව දඩයම් කරගත හැකිවනු බවයි.

ඉන්පසු චලන චිත්‍රය හා සම්භන්ධ  කලාවන් (චිත්‍ර කලාව, මූර්ති කලාව වැනි) දියුණු විය. එම කලාවන් වලින් චලනය එක්තරා ආකාරයකට නිරූපනය වේ. එය ඔස්සේ චලනය නිර්මානය පිලිබඳ මිනිසාගේ උනන්දුව ඇති විය.  චිත්‍ර කලාව, නාට්‍ය කලාව තුලින්  රූකඩ කලාවන් බිහිවිය. ලීයෙන් කරන ලද රූකඩ නූල් යොදා හෝ කම්භි ආධාරයෙන් චලනයක් ගොඩනඟා 'කතන්දරයක්' කීම සිදුවිය. (ලංකාවේ ද රූකඩ කලාව අතීතයේ සිට පැවති බව මහාවංශයේ සන්දහන් වේ.) තවද සෙවනැලි නාටක ද මෙසේ පැවති කලාවක් වේ. මෙහිදී ආලෝක ප්‍රභවයක් ඉදිරියෙන් තිරයක් තබා ඒ මධ්‍යයේ යම් යම් වස්තූන් තැබීමෙන් තිරය මත පතිත වන සෙවනැලි ආධාරයෙන් යම් දෙයක් ප්‍රකාශයට පත් කිරීම සිදු විය. ඒවා චලනය ප්‍රති නිර්මාණය කිරීමේ මුල් යුගයන්ය.



    


0 comments:

Post a Comment