Text, Signifier and Signified - වියමන, හැඟවුම්කාරකය සහ හැඟවුම - I, II කොටස

Thursday, June 16, 2011

2011 මැයි 26 දින ජාතික පුස්‌තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැති අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ නාමල් ජයසිංහගේ නාට්‍ය සහ තිර පිටපත් නිකුත් වීමේ උත්සවයේදී සමන් වික්‍රමාරච්චි වසින් පවත්වන ලද දේශනය.

උපුල් ශාන්ත සන්නස්‌ගල මහත්තය මට කතා කරල අහනවා මොකක්‌ද මාතෘකාව කියල. මම කතා කරන්න යන්නෙ වචන තුනක්‌ ගැන. ඒ වචන තුන තමයි වියමන, හැඟවුම්කාරකය සහ හැඟවුම. ඒක ඉංග්‍රීසියෙන් Text, Signifier and Signified පැය භාගයකට විතර පස්‌සෙ සංහිඳ කාර්යාලයේ එරෝෂිණීගෙන් ඇමතුමක්‌ මට ලැබෙනවා. එරෝෂිණී අතින් දුරකථනය තවත්

තරුණ ගැහැනු කටහඬකට මාරු වෙනවා.

''සර් මේකෙ ඉංග්‍රීසි හරිද?''

'' ඒ කියන්නේ..?''

'' වියමනට කියන්නෙ Texture නේද? Text කියන වචනයට වියමන කියල තේරුමක්‌ නැහැ නේද?

'' කොහෙද එහෙම තියෙන්නේ...?''

'' සුචරිත ගම්ලත් ශබ්දකෝෂයේ. ඒකෙ වියමනට කියන්නෙ Texture''

''Text කියන තැන වියමන කියල නැහැ නේද?''

''නැහැනෙ සර්''

''ඒක ගැන තමයි මම කතා කරන්න යන්නෙ. ඒක හින්ද ඔය දීපු වචන ඒ විදියට ම ගන්න.''

''හරි සර්''

භාෂාවෙ වචන තුනක්‌ ගැන කතා කරන්න යන තැන මූලාසනයේ සිටින්නේ භාෂාව තම ජීවිතය මෙන් ගත් මහාචාර්යවරයෙක්‌ වීම ඉතා ම හොඳ යි. අර කලින් කී දෙබස අනුව මම මේ ලෑස්‌ති වෙන්නෙ භාෂාවෙ වචන තුනක්‌ අල්ල ගෙන භාෂා සටනකට නො වෙයි. මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ සිංහල භාෂා උගතෙක්‌ සම`ග හැප්පෙන්න මම කවුද?

හැබැයි මම මෙතනදී කරන්නෙ මේ වචන තුන ශබ්දකෝෂවලින් එළියට අරගෙන( නැත්නම් මුදාගෙන ඒවා අද මේ එළි දකින තිර රචනා සහ ඒවා නිර්මාණය කළ කලාකරුවන් විෂයෙහි අනුශීලනය (Play) වන ආකාරය විමර්ශනය කිරීම යි. කැතරින් බෙල්සි කියන මහාචාර්යවරිය හරි අපූරු අදහසක්‌ පළ කළා පශ්චාත් ව්‍යqහවාදය ගැන ඇය ලියූ එක්‌තරා කෙටි හැඳින්වීමකට.

Examination papers inEconomics, Mathematics,or film studies are set andmarked by existing practitioners, experts in the field, whose job is to mark down misunderstandings andmisuses of the conventional vocabulary

මෙම ප්‍රකාශයේ දළ සිංහල අර්ථය මෙහෙම යි.

ආර්ථීක විද්‍යාව, ගණිතය එහෙම නැත්නම් සිනමා අධ්‍යයනය වගේ විෂයන්ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර සකස්‌ කිරීමේ සහ ඒවා පරික්‌ෂා කර බැලීමේ නියෑලෙන එම ක්‌ෂේත්‍රවලට අදාළ වෘත්තිකයන් සහ විශේෂඥයින්ගේ කාර්යය තමයි එම විෂයන්ට අදාළ යෙදුම් වැරැදියට වටහා ගෙන තිබේ ද යන්න සහ වැරැදි ලෙස භාවිතයට ගෙන තිබේ දැයි විමසීම. බෙල්සිට අනුව මෙම විෂයන් හැදෑරීම යනු අදාළ පාරිභාෂික වචන හවියට නිර්වචනය කිරීම යි.

මම සඳහන් කරන වචන තුන නිකම් ම වචන තුනක්‌ නො වෙයි, කිසියම් න්‍යායික ප්‍රකාශනයක්‌. හැබැයි, ගුණදාස අමරසේකර සහ නලින් සිල්වා වැනි මහතුන්ට අනුව මේවා බටහිර ප්‍රවාද. ඇත්ත. මේ ප්‍රවාද ගොඩ නැෙ`ගන්නේ බටහිර සන්දර්භයක (Western Context) තමයි. එතනදී නිර්මාණය වන වෙනස (එනම් බටහිර වීම නිසා) මෙම ප්‍රවාද එක තැන පල් නො වීම. බටහිර විද්වතුන් හැඳින්වීමේ දී ඔවුන්ගේ තරුණ කාලය නැත්නම් එම ප්‍රවාදවල මුල් අවදිය හැඳින්වීමට ඔවුන්ගේ නම්වලට ඉදිරියෙන් විශේෂණයන් එල්ලනව නිදසුනක්‌ විදියට තරුණ මාක්‌ස්‌ නැත්නම් Young Marx කියන කොට මාක්‌සියානු ප්‍රවාදවල මුල් අවස්‌ථාවයි හැඟවෙන්නෙ.

වෙනස තමයි මේ විද්වතුන් වඩ වඩාත් රැඩිකල් වෙන්නෙ මහලු වියට එළැඹෙන විට අපේ රටේ වෙන්නෙ කුමක්‌ද? අද ඉන්න දේශප්‍රේමියෝ වැඩි දෙනෙක්‌ හිටපු වාමාංශිකයො. බටහිර විද්වතුන් වයසට යනකොට සිල් ගන්න යන්නෙ නැහැ. නිදසුනක්‌ විදියට මේ මාතෘකාව සම`ග ගැටෙන්නට මම සරණ යන බටහිර ප්‍රාඥයින් තිදෙනා වූ රොලන්ඩ් බාත්, ෂාක්‌ ඩෙරිඩා සහ ෂාක්‌ ලැකාන් කියන තුන් දෙනා අද සැලකෙන්නේ පශ්චාත් නූතනවාදී ප්‍රවාදයන් පතුරුවන්නන් ලෙස. රොලන්ඩ් බාත් Elements of Semiology ලියන කාලෙ ව්‍යqහවාදියෙක්‌. තමන්ගේ ගුරුවරයා වූ µර්ඩිනන්ඩ් සෝෂයර් ඉක්‌මවා නො ගිය කෙනෙක්‌. එහෙත් Rustle of
Language, Mythologies,Pleasure of the text, S/Z වගේ කෘතීන් ලියන්නෙ පශ්චාත් ව්‍යqහවාදි බාත් කෙනෙක්‌. මේ හැට පැනපු පණ්‌ඩිතයන්ගේ ප්‍රවාද තමයි අද මේ රටේ ගැටවරයින්ගේ ඊනියා පශ්චාත් නූතනවාදී විකාරය බවට විකෘති වේශයකින් ප්‍රකාශයට පත්වෙන්නෙ.

වියමන නැත්නම් Text කියන වචනය එහි ශබ්දකෝෂ අර්ථයෙන් මුදාගත යුතු බව මම ඉහත සඳහන් කළා. මෙම වචනය සමහර අය පවිවර්තනය කරන්නේ 'පඨීතය' යනුවෙන්. මේ 'සමහර අය' කවුරුත් නො වෙයි සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ මහත්වරු සහ විශ්වවිද්‍යාල විද්වතුන්. මීට අවුරුදු 10 කට විතර ඉස්‌සර ප්‍රවාද සඟරාවට මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි රොලන්ඩ් බාත්ගේ 'කතුවරයාගේ මරණය' (The death of the Author) කියන ප්‍රවාදය ගැන ලියන විට Text යන්න පවිවර්තනය කරන්නේ පඨීතය යනුවෙන්. ලියනගේ අමරකීර්ති වරක්‌ සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක්‌ සේ මා' ගැන කියන විට හෝ ලියන විට එය නාස්‌ති වූ පඨීතමය අවස්‌ථාවක්‌ ලෙස හැඳින් වූවා. අමරකීර්තිත් විශ්වවිද්‍යාල ඇදුරෙක්‌. ඔහු ඉතාම මෑතදී ලෙස්‌ටර්ගේ නිධානය පශ්චාත් යටත් විජිත පඨීතයක්‌ ලෙස කියවිය හැකි යෑයි ප්‍රකාශ කර තිබුණා. එතැනදී ඔහුට මුල් වන්නේ කියවීම. බාගවිට පඨීතය කියන වචනයේ කියවීම නැත්නම් reading, reciting කියන තේරුම එතන ඇති.
දැන් ප්‍රශ්නය තමයි මේ හැමෝම Text කියන වචනය පඨීතය යනුවෙන් පවිවර්තනය කරන්නේ ඇයි? ඔවුන් වියමනට බය ඇයි? පඨීතය කියන පවිවර්තනය ශබ්දකෝෂ අර්ථයට කිට්‌ටු යි. ඒත් පඨීතය යනුවෙන් එය සිංහලට පවිවර්තනය කිරීම වැරැදි බවත් එය වියමන විය යුතු බවත් කියන්නේ මම නොවෙයි. වියමන නම් කතිකාව පෙර බිමට ගෙන ආ රොලන්ඩ් බාත්මයි.

අපි බලමු මේ ශබ්දකෝෂ Text අර්ථ ගන්වන්නේ කෙසේ ද කියා. මහාචාර්ය සුචරිත ගම්ලත් ශබ්දකෝෂය එහි තේරුම් කරන්නේ මෙහෙම.

Text - 1. පෙළපොත( පාඨ ග්‍රන්ථය( මූල ග්‍රන්ථය 2. පෙළ, පබඳ( ග්‍රන්ථය, ගත, පුස්‌තකය, පොත 3. පාඨය, මූලපාඨය 4. විෂය 5. නිර්දිෂ්ට ග්‍රන්ථය 6. පොතක අන්තර්ගතය 7. උද්ධෘත ධර්ම පාඨය 8. පාඨගත කළ දත්ත 9.තේමාව, මාතෘකාව 10. කතුවරයාම භාවිත කළ වචන / පාඨ, පාළිය

මලලසේකර ශබ්දකෝෂය මෙයට දෙන සිංහල වචන මෙහෙම යි.

Text - පෙළ, පාඨය, පොතක අන්තර්ගතය, උද්ධෘත මාතෘකා පාඨය, පෙළ පොත, පාඨ ගත කළ දත්ත

ගම්ලත් ශබ්දකෝෂය සහ මලලසේකර ශබ්දකෝෂය අතර ලොකු වෙනසක්‌ නැහැ. ගම්ලත් Text කියන වචනයට තව වචන ගණනාවක්‌ දී තිබෙනවා. හැබැයි ඒ අතර වියමන වත් පඨීතය වත් නැහැ. හැබැයි පඨීතය ප්‍රභව වෙන්නෙ මේ ශබ්ද කෝෂ අර්ථ මුල් කරගෙන බව වටහා ගැනීම අපහසු නැහැ.

වියමන ලෙස මේ ශබ්දකෝෂ කර්තෘවරුන් සැලකුවේ ඉංග්‍රීසි Text මරු කියන වචනය යි. ශබ්දකෝෂ දෙකේම Texture යන්න අර්ථ දක්‌වන්නේ එක ම විදියට. පළමු ව මම මලලසේකර උපුටා දක්‌වන්නම්.

Texture - වචනය, යමක හෝ යම් මතුපිටක පෙනුම හෝ ස්‌පර්ශයට දැනෙන ගතිය( වියමන, රෙද්දක වියමනේ ස්‌වභාවය, කුඩා සංරචකවල සැකැස්‌ම, වියුම් පිදමඳ රටාව( නිර්මාණයක ගුණය, සුවිශේෂ රටාව හෝ ගුණය( ආකෘතික ස්‌වරූපය

සුචවිත ගම්ලත් ශබ්දකෝෂය Texture යන්න මෙලෙස අර්ථ දක්‌වනවා.

Texture 1. නිර්මාණයක ගුණය 2. පදම 3. සැටිය( ආකෘතික ස්‌වරූපය( සුවිශේෂ රටාව( රටාවඳ වින්‍යාසය( සංඝටනාව 4. වියුමඳ වියමනඳ වයනය 5. ස්‌වභාවය 6. සුවිශේෂ ගුණය 7. ද්‍රව්‍යයක මතුපිටක පෙනුම හෝ ස්‌පර්ශය දැනෙන හැටිය 8. කුඩා සංරචක කොටස්‌වල සැකැස්‌ම 9. රෙද්දක නූල් සැකැස්‌ම / රටාව 10. සංරචනය( ග්‍රථනය( රචනාව

මේ අර්ථ දැක්‌වීම් සියල්ලම සකස්‌ කර තිබෙන්නේ Oxford Dictionary අනුව යමින්. ඔක්‌ස්‌µර්ඩ් ශබ්ද කෝෂය Text මරු සහ Text යන වචන අර්ථ දක්‌වා තිබීම පවික්‌ෂාකර බැලීමෙන් එය පැහැදිලි වෙනවා.

Texture1. The feel or appearanes of a surface or substance 2. The arrangment of thereads etc. in textile fabric 3. the arrangement of small constituent parts 4. Art the  represtentation of the structure and detail of objects 5. Mus. the quality of sound formed by combining parts. 6. the quality of a piece of writing, esp with reference
to imagery a alliteration etc 7. distinctive nature or quality resulting from composition (the texture of her life)

Text - 1. the main body of a book as distinct from notes, appendices, pictures, etc. 2. the original words of an author or document, esp.
as distinct from a paraphrase of or commentary on them 3. a passage quoted from
scripture, esp, as the subject of a sermon 4. a subject or theme 5. (in pl)
books prescribed for study 6. a textbook 7. data in taxtual form, esp, as stored, processed, or displayed in a word processor etc.

දැන් ඉතාම පැහැදිලි දේ තමයි මේ ශබ්දකෝෂ කර්තෘවරුන් කිසි කෙනෙක්‌ Text කියන වචනයට වියමන කියන යෙදුම ගැළපෙන බවක්‌ පිළිඅරගෙන නැහැ. ශබ්දකෝෂය විතරක්‌ පෙරළල Text යන යෙදුමෙහි අර්ථ සෙවීම අර්ථ ශූන්‍ය කාර්යයක්‌ වෙන්නේ ඒ නිසයි. දැන් ඉතින් අපට රොලන්ඩ් බාත් උපකාරය පිණිස කැඳවන්න වෙනවා. රොලන්ඩ් බාත් ඔහුගේ The Rustle of language නමැති වියමනෙහි ලා Text යන යෙදුම අර්ථ ගන්වන්නේ මෙහෙමයි.

The plurality of the text depends, as a matter of fact, not on the ambiguity of its contents, but on what we might call the stereographic plurality of the signifiers which weave it (etymologically, the text is a fabric)

බාත්ට අනුව පැහැදිලි දේ තමයි Text කියන්නේ වියන ලද දෙයක්‌. හැඟවුම්කාරකයන් ම`ගින් වියන්නා වූ එය ස්‌ටීරියෝ ග්‍රැµsක්‌ බහුත්වයක්‌. ඒ බහුත්වය වියමනට එන්නේ එය වියන හැඟවුම්කාරකයන් ම`ගින්. බාත් Text is a fabric කියනකොට ඔහු එය වියමනක්‌ බව ප්‍රකාශ කරනවා.

වියමන යනු කෘතිය (work) නො වෙයි. පෙළ, පාඨ ග්‍රන්ථය, නැත්නම් පඨීතය කියන්න පිළිවන් කෘතියට. වියමන ඊට වඩා පුළුල්. ජීවිතය වියමනක්‌ වන සැටි සරච්චන්ද්‍ර මළගිය ඇත්තෝහි කියන්නෙ මෙලෙස යි.

''.... කතාවක්‌ නම් පිරිපුන් රටාවකින් යුතු ව ගොතා හමාර කළ හැකි ය. එහෙත් ජීවිතය වියා හමාර කළ නො හැකි ව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය.''

වියමන කියන්නෙ ලියූ දෙයක්‌ විතරක්‌ නො වෙයි. රොලන්ඩ් බාත් Fabric කියන වචනය Text අරබයා භාවිත කරන්නෙ එය ලියන ලද්දක්‌ නො ව වියන ලද්දක්‌ බව කියන්නට. The text is a methodological field යනුවෙන් ලියද්දි ඔහු වියමන එහි ලේඛනමය ස්‌වභාවයෙන් ගලවනවා. සිනමා නිර්මාණයක්‌ වියමනක්‌ ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නෙ ඒ නිස යි. වියමනක්‌ යනු කෘතියක්‌ පමණක්‌ නො වන බැවින් කවර හෝ ජීවන අත්දැකීමක්‌ වියමනක්‌ විය හැකි ය.

දේශපාලන රැලියක්‌ වියමනක්‌ කොට ගත්විට අප එය කියවන්නේ එම දේශපාලන රැලියේ (අ) දේශපාලනිකයයි. නාට්‍යයක්‌ යනු වේදිකාවේ රඟ දැක්‌වෙන පෙළ පමණක්‌ නොව සමස්‌ත නාට්‍ය ශාලාව ම යි. එය යි වියමන.

දැන් අපට කථා කරන්න තියෙන්නෙ තව වචන දෙකයි. හැඟවුම්කාරකය සහ හැඟවුම. වියමන යනු හැඟවුම්කාරක ම`ගින් වියන නිසා එයට බහු අර්ථ ලැබෙන බව බාත් පැවසුවා. සිනමාව වියමනක්‌ නම් එය වියන්නේ හැඟවුම්කාරක ම`ගින්. ක්‍රිස්‌ටියන් මෙට්‌ග් සිනමාව හැඳින්වූයේ පවිකල්පිත හැඟවුම්කාරකය (Imaginary Signifier) ලෙස ය. හැඟවුම්කාරකය යන්නෙහි විද්‍යාත්මක අර්ථ අප පැහැදිලි කර ගත යුත්තේ ඒ නිස යි.

මෙය භාෂාවට අදාළ කාරණයක්‌. අපට විස`දා ගැනීමට තිබෙන ප්‍රශ්නය තමයි භාෂාව කියන්නේ කුමක්‌ද? යන්න. භාෂාව සම`ග ගැටෙන එක හරිම අනතුරුදායක යි. රටක්‌ තමා වටේ නැටවිය හැකි දේශපාලන ඇඟවුම්කාරකයන් තමයි භාෂාව. එයට පිළිවන් එක මොහොතකදී රට ම ව්‍යාජ දේශප්‍රේමයෙන් උමතු කරවන්න වුණත්.

µර්ඩිනන්ඩ් ඩී සෝෂියර් කියන විද්වතා භාෂාව සංකේත පද්ධතියක්‌ (Symbolic System) ලෙස ඇදහුවා. අද ඉතින් පදික වේදිකා ගානෙත් භාෂාව සංකේත පද්ධතියක්‌ කියන කථා ඇහෙනවා. හැබැයි ප්‍රශ්නය අපි ඒකෙ තේරුම හරියට ම දන්නව ද කියන එක. සෝෂියර් හිතන තරම් භාෂාව ස්‌ථීතික නැහැ. ඇත්ත. බසක වචනවල තේරුම යනු ඒ වන විටත් තීරණය වී තිබූ දෙයක්‌ මිසක්‌ එකී සංඥාවට නැත්නම් වචනයට ආවේණික ස්‌වාභාවික වූවක්‌ නො වේ.

භාෂාවේ මේ අර්ථයාගේ ගැටලුව විස්‌තර කිරීමට කැතරින් බෙල්සි මහාචාර්යවරිය ලුවිස්‌ කැරෝල්ගේ Through Looking Glass හි එන ඇලිස්‌ සහ හම්ටි ඩම්ටි අතර සිදුවන දෙබසක්‌ උපයෝගී කර ගන්නවා. මට මතකයි මම මේ කතාව ගම්ලත් ශබ්දකෝෂය එළි දක්‌වන දවසේ කිව්වා. ඒත් පුනරාවර්තනීය අනිවාර්යතාව (Repetetive Compulsion) කියන දේ මට වළක්‌වා ගන්න බැරි නිසා මම නැවත කියනවා. ඇලන් සහ හම්ටි ඩම්ටි අතර දෙබස භාෂා සටනක්‌ වගේ. දෙන්න තර්ක පිට තර්ක එකිනෙකා වෙත දමා ගසනවා. හම්ටි ඩම්ටි මේ තර්ක අතර දී වරක්‌ කියනවා උපන් දින නො වන තෑගි (ඒ කියන්නේ birth day presents නොව unbirth day presents) දීමෙන් මිනිසුන්ට හැම වෙලාවෙ ම තෑගි ලබන්න පිළිවන් බව.

මේ තර්කය ඉදිරිපත් කරල හම්ටි ඩම්ටි ඇලිස්‌ට කියනවා 'There's glory for
you' කියල. මෙය සිංහලෙන් කියනව නම් ''ඔන්න ඔයාට තේජස්‌' වගේ අර්ථයක්‌. මේ Glory නැත්නම් තේජස කියන වචනය නිසා ඇලිස්‌ අවුලකට පත් වෙනවා. ඇලිස්‌ අහනවා මොකක්‌ද ඔය ''තේජස්‌' (Glory) කියන එකෙන් ඔබ අදහස්‌ කළේ? හම්ටි ඩම්ටි ගානකට නැති ව කියන්නෙ මෙච්චර යි.

"මම අදහස්‌ කළේ ඔයාට මම අපූරු කො`දු කඩන තර්කයක්‌ )knock down
argument) දැම්ම කියන එකනෙ."

-ඒත් තේජස (Glory) කියන්නෙ කො`දු කඩන තර්කයකට නො වෙයි නෙ" ඇලිස්‌ තමා ඊට එක`ග නැති බව ප්‍රකාශ කරනවා. මේ වෙලාවෙදී හම්ටි ඩම්ටි සාවඥ ලීලාවෙන් දීපු පිළිතුර භාෂාවේ අර්ථ පිළිබ`ද සියලු ව්‍යqහවාදී පැහැදිලි කිරීම් නන්නත්තාර කරන්නක්‌.

"මං වචනයක්‌ පාවිච්චි කරන කොට ඒකෙ තියෙන්නෙ මට ඕන තේරුම මිසක්‌ වෙන මොන තේaරුමක්‌ වත් නො වෙයි."

ඇලිස්‌ කියනවා මෙහෙම

"ප්‍රශ්නෙ තමයි ඔයාට ඔහොම හිතුමනාපෙට වචන හදන්න පිළිවන් ද කියන එක."

-The question is whethe you can make words so many different things.

මට හිතෙන්නේ ඇලිස්‌ ඔය ඉංගී්‍රසියෙන් කියාපු දේ මම හරියට පරිවර්තනය කළා කියල යි.

හම්ටි ඩම්ටි වහා ම මෙහෙම කියනවා.

"ප්‍රශ්නය තමයි ඔය වචන හදන මහ ලොක්‌ක කව්ද කියන එක.-ඔThe question is which is to be master that's all. යනුවෙන් හම්ටි ඩම්ටි කියපු දේ තමයි මම සිංහලට පෙරළුවෙ."

දැන් ඇලිස්‌ගෙ භාෂා (විස්‌ම) ලන්තය කඩාගෙන වැටෙනවා. හැබැයි බැලු බැල්මට ඇලිස්‌ නිවැරදි යි. වචනවලට අර්ථ අපට අභිමත පරිදි දෙන්න පිළිවන් නම් අනෙකා සම`ග සන්නිවේදනය කළ නො හැකි දෙයක්‌. අපි අපේ දේශීය භාෂාව ඉගෙන ගනිද්දි අනෙක්‌ අය භාවිත කරන අර්ථ යොදමින් කතා කිරීමට ඉගෙන ගන්නවා. භාෂාව අපට සංවාදය කළ හැකි දෙයක්‌ බවට පත් කරනවා තමයි. හැබැයි ඒ භාෂාව තුළ මීට කලින් දී තිබෙන අර්ථ නිසි පවිදි භාවිත කිරීමේ කොන්දේසිය උඩ යි.

ඒ වුණත් අපට බැහැර කරන්න බැරි දේ තමයි මේ වචනවලට අර්ථ සපයන මහ ලොක්‌කා නැත්නම් වචනයාගේ අයිතිකාරයා කව්දැයි හම්ටි ඩම්ටි න`ගන ප්‍රශ්නයේ තිබෙන තියුණුකම. මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි ශබ්දකෝෂකරුවන් කරන්නේ දැනට පිළිගත් අර්ථ ගොනු කිරීම. වචන ලක්‌ෂයක්‌ වැඩිපුර හැදුවයි කියන කොට වුණත් ඒ වචන ලක්‌ෂයේ අයිතිකාරයා ඔහු වෙන්නේ නැහැ. මක්‌නිසාද යත් ඒ වචනවල දැනට පවතින අර්ථයාගේ ආධිපත්‍යය බැහැර නො කරන නිසා.

මේ ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරක්‌ සොයා ගන්නේ µර්ඩිනන්ඩ් සෝෂියර් (Ferdinand Saussure 1857 - 1913) කියන වාග්වේදියා. ඔහුට අනුව භාෂාවක අරුත් යනු වෙනස (difference) පිළිබ`ද කාරණයක්‌. සෝෂියර් තම ශිෂ්‍යයින්ට පැවැත්වූ දේශන ඔහුට මරණාපරව Course in General Linguistics යනුවෙන් පොතක්‌ වශයෙන් පළවෙනවා. එම කෘතියෙන් පළවෙන කේන්ද්‍රීය මතය තමයි භාෂාව සංකේත පද්ධතියක්‌ බව. සංඥාව (Sign) පිළිබ`ද ප්‍රවාදය ඔහු එතෙක්‌ තිබූ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර ව පැහැදිලි කළා.

සෝෂියර්ට අනුව මෙම සංඥාව පිළිබ`ද ව හදාරන්නේ සමකාලීන ලෙස (synchronically) එක්‌ නිශ්චිත අවස්‌ථාවක වූ පූර්ණ පද්ධතියක ස්‌වරූපයෙන් මිසක්‌ පාර කාලික (diachronically) ලෙස එහි ඓතිහාසික වර්ධනීය අවස්‌ථාවක්‌ තුළ නො වේ. එබැවින් සංඥාව හැදෙන්නේ එහි ශබ්දය හෝ රූපමය බව සහ එහි අර්ථය හෙවත් සංකල්පය එකතු වීමෙන්. එහි ශබ්දය හෝ රූපමය බව හැ`ගවුම්කාරකය (signifier) ලෙසත් අර්ථය හැ`ගවුම (signifiad) ලෙසත් හැ`දින්වෙනවා.

නිදසුන් ලෙස බ - ළ - ලා යන කළු අකුරු හැ`ගවුම්කාරකය වන අතර ඉන් ජනිත වන බළලා යන සංකල්පය නැත හොත් අර්ථය හැ`ගවුම වේ. (සෝෂියර්ගේ සිට ජොනතන් කලර් සහ ටෙරි ඊගල්ටන් දක්‌වා සිටි විචාරකයින් මෙම ප්‍රවාදය පැහැදිලි කිරීමට යොදා ගත්තේ එක්‌කෝ Cat සහ Cat හෝ Cat අතර වූ වෙනස. නැත්නම් Dog සහ Log අතර ඇති වෙනස.)

සංඥාව (Sign) සැදෙන්නේ හැ`ගවුම්කාරකය සහ හැ`ගවුම අතර සංයෝගයෙන් වුවත් එය හිතුවක්‌කාර නැත්නම් අභිමතානුකූල අස්‌ථීත්වයක්‌ (aරඉසඑර්රහ eබඑසඑහ) බව සෝෂියර්ගේ භාෂාව පිළිබ`ද ප්‍රවාදයේ කේන්ද්‍රීය කාරණයක්‌. එනම් හැ`ගවුම්කාරකය සහ හැ`ගවුම අතර ස්‌වාභාවික සබ`දතාවක්‌ නැහැ. සිංහල අප ලෝම සහිත එක්‌තරා සතකු හැ`දින්වීමට බළලා යන හැ`ගවුම්කාරකය භාවිත කළත් ඉංග්‍රීසිකාරයින්ට එය Cat ය. හැබැයි මේ කතික සමාජය එක`ග නම් බළලා හැ`දින්වීමට "කැලයා" හෝ "බැලයා" කියලත් යොදන්න පිළිවන්. ජොනතන් කලර් කියන විචාරකයා සෝෂියර්ගේ ප්‍රවාදය පැහැදිලි කරමින් තර්ක කරන්නේ බළලා හෝ බල්ලා යන හැ`ගවුම හෝ සංකල්පය ස`දහා වෙනත් හැ`ගවුම්කාරකයන් වෙනුවට මෙම හැ`ගවුම්කාරකයම සම්බන්ධ විය යුත්තේ මන්දැයි කියා පෑමට නෛසර්ගික වූ හේතුවක්‌ නො මැති බව යි.

සංඥාව සහ එයට සම්බන්ධ වන දෙය( නැත්නම් ප්‍රඥප්තය (referent) අතර සබ`දතාව හිතුවක්‌කාර යි (arbitrary). බළලා කිව්වේ එම ප්‍රඥප්තිය තමයි. ඒ කියන්නේ බළලා කියන නාමකරණයට බළලාගේ සම්බන්ධයක්‌ නැහැ. මෙම පද්ධතිය තුළ එක්‌ එක්‌ සංඥාව ඊට අදාළ තේරුම ලබා ගන්නේ එය වෙනත් එකකින් වෙනස්‌ වීමේ ගුණාංගයෙන් පමණ යි.

වාග් පද්ධතියක්‌ තුළ ඇත්තේ වෙනස (difference) පිළිබ`ද කාරණය පමණකැයි සෝෂියර් පැවසූයේ ඒ නිසයි. හැබැයි සෝෂියර් නූතනවාදයට අයිති ව්‍යqහවාදියෙක්‌. සෝෂියර්ගේ ප්‍රවාදයේ කේන්ද්‍රීය මූලය වෙනස (difference) වුවත් පද්ධතිය (system කියන කාරණයෙන් ගැලවෙන්නට බැහැ. සෝෂරියානු භාෂාවේදියක්‌ කරන්නේ යම් සමාජයක සාමාජිකයන් අතර සන්නිවේදනය කළ හැකි වන පද්ධතිය නිර්මාණය කරන ඒකක සහ නියමයන් කවරේ දැයි නිගමනය කිරීම. මේක පැහැදිලි වෙනවා සෝෂියර්ගේ Course in General linguistic කියන ඔහුට මරණාපර ව පළ වූ කෘතිය විශ්ලේෂණය කිරීමෙන්. මේ ඉන් කොටසක දළ සිංහල පවිවර්තනයයි.

"භාෂාව යනු අදහස්‌ ප්‍රකාශ කරන සංඥා පද්ධතියකි (system of signs). එනයින් ම එය ලේඛන පද්ධතියකට, ගොළු බිහිරි අක්‌ෂර මාලාවකට, සංකේතීය පුද පිළිවෙත්වලට, සමාජ චාවිත්‍ර විධීන්ට, හමුදා ආචාරයන් ආදි දේට බෙහෙවින් සමාන කළ හැකි ය. මෙම පද්ධතීන්ගෙන් වැදගත් ම වන්නේ එය යි. (භාෂාවයි) එහෙයින් සමාජය ඇතුළත සංඥාවන්ගේ ජීවමය පැවැත්ම අධ්‍යයනය කරන විද්‍යාවක්‌ පිළිබ`ද ව සිතාගත හැකි ය. අපි එයට සංඥාර්ථවේදය යෑයි කියන්නෙමු."

මේ අනුව සෝෂියර්ගේ තර්කය තමයි මේ සියලු ක්‍රියාවන් විශ්ලේෂණය කළ හැකි සහ එය අද පවතින සම්ප්‍රදායික පද්ධතියකට අදාළ ශික්‌ෂණයක්‌ අවශ්‍ය බව. මේ ව්‍යqහවාදය තමයි විසිවැනි සියවසේ බුද්ධිමය පැවැත්මේ (නැතිනම් නූතනවාදී ලෝක දෘෂ්ටියේ) රෝග ලක්‌ෂණය. මේ ව්‍යqහවාදය ඇතුළේ දේවල් සහසම්බන්ධ ප්‍රතිපක්‌ෂ (binary oppositions) ලෙස ගෙන යළි එහි ධූරාවලික (hierachical) තොරොම්බල් කිරීම දක්‌වා යන භාෂා විග්‍රහයන් තියෙනවා. මම කලින් කිව්ව පවිදි සෝෂියර් සංඥාව විස්‌තර කරන්නේ සමකාලීක (synchronically) ලෙස මිසක්‌ පාරකාලික ලෙස (diachronically) නො වේ. ඒ කියන්නේ භාෂාවේ ඓතිහාසික වර්ධනීය අවස්‌ථාවන් සෝෂියර් නො සලකා හරිනවා. වෙනස්‌ වචනවලින් කියනවා නම් ඔහුගේ ධූරාවලික ප්‍රතිපක්‌ෂයන් තුළ පාරකාලිකය අභිබවා සමකාලිකය ප්‍රබල වෙනවා. ඒක තමයි ව්‍යqහවාදයේ ප්‍රතිගාමී මුහුණුවර.

දිවයින - 2011

0 comments:

Post a Comment